රනිල්, කරු, සජිත් එකම වේදිකාවකට පැමිණියහොත් තමාගේ කන කපා ගන්නා බවට වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර තිබෙන බැවින්, කන කපා ගැනීමට අවශ්‍ය සාධක සිදුවී තිබෙන නිසා හැකිනම් කන කපාගෙන පෙන්වන ලෙස එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට අභියෝග කරයි.
පසුගිය 06 වැනිදා පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා, නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා එකම වේදිකාවක සිට අත්වැල් බැඳගත් බවද එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා සඳහන් කළේය.
මීට අමතරව මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ සියලුම පිරිස් ඌවට ගොස් එක්සත් ජාතික පක්ෂය දිනවීමේ කටයුතු වල නිරත වී සිටින බවත්, මේ නිසා රනිල්, කරු, සජිත් එකම වේදිකාවට පැමිණීම රඟපෑමක් ලෙස හුවා දැක්වීමටවත් කිසිවෙකුට හැකියාවක් නොමැති බවද ඔහු පවසා සිටියේය.
මේ නිසා ප්‍රධාන අමාත්‍යවරයා සිදුකළ අභියෝගයට එක්සත් ජාතික පක්ෂය ප්‍රතිචාර දක්වා තිබෙන බැවින්, ප්‍රධාන අමාත්‍යවරයාගේ යුතුකම මේ මොහොතේ ඉෂ්ඨ කරන ලෙස මන්ත්‍රීවරයා ඉල්ලා සිටී.