බත්තරමුල්ල මහා නගරයක් ලෙස දියුණු කරන බවත් රාජ්‍ය ආයතන බත්තරමුල්ලට රැගෙන යන බවත් බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
බත්තරමුල්ල - කඩුවෙල සංවර්ධන සැලසුම එළිදැක්වීමේ අවස්ථාවට අද(05) දින සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
ʻʻබත්තරමුල්ලට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකරන අතර කඩුවෙල කොළඹ සැහැල්ලූ දුම්රිය සේවයේ ශක්‍යතා සහ පරිසර අධ්‍යන අවසන් අදියරේ පවතිනවා. රාජ්‍ය ආයතන 113 ක් දැනට කොළඹ නගර සීමාව තුළ කි‍්‍රයාත්මකයි. එම 113 න් මුදල් සඳහා බලපාන ආයතන හැරුණු විට සෙසු සියලුම ආයතන මේ ස්ථානයට ගෙන ඒමයි බලාපොරොත්තුව.
කොට්ටාව පිවිසුම අතරත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් හා උද්‍යානයක් ඉදිකරන අතර මෙම වසර අග වන විට එහි වැඩ නිමකිරීමට නියමිතයි. දුම්රිය පිළිබඳ කාරණයෙදීත් අප එය ආරම්භ කර හරියටම අවුරුද්දයි. අපි බලාපොරොත්තු වනවා ජුනි මාසය වන විට ප්‍රධාන ශක්‍යතා අධ්‍යනය, පරිසර අධ්‍යනය යනාදිය අවසන් කරලා එහි වැඩ මෙම වසර අග භාගයේ දී ආරම්භ කරන්න.
ඒ වගේම බත්තරමුල්ලට අන්තර්ජාතිකව යෝජනා කැඳවීමක් සිදුකර තිබෙනවා බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා. බස්රිය, කාර්යාල සංකීර්ණයක් සමග දුම්රිය සහ අනෙකුත් වාහන සඳහා නැවතම් අංගණයක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහාත් මෙම වසරේදී ටෙන්ඩර් ප්රදානය කර වැඩ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.
අප අනාගතයේ බලාපොරොත්තු වෙනවා මේ කාලයේදී නොවුනත්, ජනාධිපති නිල නිවස සහ ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය නිල නිවස සහ කාර්යාලය මෙම පාර්ලිමේන්තුව අසබඩට ගෙන එන්න. එයින් පසුව පරිපාලන නගරය පිළිබඳ කාරණය සම්පූර්ණයෙන්ම සම්පූර්ණ වෙනවා.” යැයි ද පවසා සිටියේය.