කඩුගන්නාව බිංගෙයට ඇතුළුවීමත් නැරඹීමත් තහනම් වෙයි
කඩුගන්නාව ගල් බිංගෙයෙහි ඇතිවී ඇති පැල්මේ අවදානම් තත්ත්වය හේතුවෙන් ගල් බිංගෙය පිවිසුම් මාර්ගයේ වාහන ගමනාගමනය තහනම් කිරීමට හා නරඹන්නන් එහි ගැවසීම අනතුරුදායක වන බැවින් එහි ගැවසීම තහනම් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.
එහි ඇති පැල්ම හා ගල් බිංගෙයට යටින් ඉදිකර ඇති ගල් බැම්මද පුපුරා ඇති බව දකින්නට ලැබේ.
මෙම ගල් බිංගෙය කොළඹ මහනුවර මාර්ගය ඉදිකිරීමේදී ස්වභාවික චමත්කාරයට හානි නොවන අයුරින් ක්‍රි.ව.1828 _ 1830දී පමණ කොළඹ නුවර ඉදිකිරීම් භාරව කටයුතු කර ඇති ඉංග්‍රීසි ජාතික ඉංජිනේරු කැප්ටන් විලියම් ප්‍රැන්සිස් ඩෝසන් විසින් ඉදිකර ඇති බව එහි ඇති සමරු ඵලකයේ සඳහන්වේ.
මෙහි ඇති පැල්ම නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (23දා) මධ්‍යම පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක ගුණතිලක මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක්ද, අද (24දා) ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මහනුවර ස්ථාන භාර නිලධාරී නිශාන්ත පීරිස් මහතා ඇතුළු නිලධාරින්ද එහි පැමිණ පරීක්ෂණ කටයුතු සිදු කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




