කඩාවැටී තිබෙන යාපනයේ හා නැගෙනහිර පළාත් අධ්‍යාපනය වසර 10ක් තුළ දියුණු කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇතැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
යුද්ධයට පෙර යාපනයේ අධ්‍යාපනය උසස් මට්ටමක පැවැති බවත්, එහෙත් තිස් අවුරුදු යුද්ධය නිසා යාපනයේ අධ්‍යාපනය කඩාවැටුණු බවත් ඔහු පවසා සිටියේය.
අධ්‍යාපනය දියුණු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා විශාල උත්සාහයක් ගනිමින් සිටින බවද අගමැතිවරයා සඳහන් කළේය.
උතුරු පළාතේ ස්වේච්ජාවෙන් හා කොන්ත්‍රාත් පදනමින් සේවය කළ ගුරුවරුන්, ගුරු සේවයට බඳවාගැනීම සඳහා අවශ්‍ය පත්වීම් ලිපි ලබාදීමට අද (28දා) අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
මෙහිදී 494 දෙනෙකුට පත්විවීම් ලිපි ලබාදීම සිදුවිය.