දෝහා සිට පැමිණි ගුවන් මඟියෙකු විසින් මෙරටට රැගෙන ආ කොටි පහකට ආසන්න වටිනාකමකින් යුක් හෙරොයින් තොගයක් අද (04 දා) අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව කටුනායක පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.
අද අළුයම 01.40ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයට අයත් QR 668 දරණ ගුවන් යානයෙන් සැකකරු දිවයිනට පැමිණ ඇතිබව කටුනායක පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවටපත් සැකකරු පකිස්තාන ජාතිකයෙකු වන අතර මොහු සන්තකයේ තිබී හෙරෝයින් කිලෝ 5ක් සොයාගැනීමට හැකිවූ බව කටුනායක පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
කටුනායක පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.