කටාර් රියාල් හුවමාරු කිරීම තාවකාලිකව අත්හිටුවීමට කටුනායක ගුවන්තොටුපොළේ බැංකු, මුදල් හුවමාරු කිරීමේ ආයතන ගෙන තිබූ තීරණය අත්හිටුවා නැවතත් එම මුදල් මාරු කිරීම ආරම්භ කර තිබේ.
ඊයේ (05දා) සිට මෙම අර්බුදය ඇතිව තිබූ අතර අද (06දා) එම ගැටලුව සමථයකට පත්වෙමින් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ඇති බැංකු ශාඛා කිහිපයක් කටාර් රියාල් මාරු කිරීම ආරම්භ කර තිබේ.
ලංකා බැංකුව , මහජන බැංකුව සහ කොමර්ෂල් බැංකුව මෙසේ කටාර් රියල් හුමවාරුව නැවත ආරම්භ කර තිබේ. එම බැංකුවල ඉහළ කළමණාකාරිත්වය ගනු ලැබූ තීරණයක් අනුව මුදල් හුවමාරුව යළි ආරම්භ වී තිබේ.
ලංකා බැංකුව රුපියල් 39.40 බැගින් ද , මහජන බැංකුව සහ කොමර්ෂල් බැංකුව රුපියල් 40.00 බැගින් ද කටාර් රියාල් හුවමාරුව ආරම්භ කර තිබේ.