කටුනායක ධාවන පථය සංවර්ධනයෙන් පසු A-380ගුවන් යානා මෙහෙයුම් සිදුකළ හැකිබව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (06දා) පැවසීය.
වසර 30කට පසු කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ ධාවන පථය ප්‍රතිසංවර්ධනය කිරීමෙන් පසු ධාවන පථය මීටර් 60 සිට මීටර් 75 දක්වා පුළුල් වන බැවින් විශාල ගුවන් යානාවල මෙහෙයුම් කටයුතු ඉතා පහසුවෙන් සිදුකළ හැකි බව ඇමතිවරයා කීය.
ගුවන්තොටුපොළ තාවකාලිකව දිනකට පැය 08ක් වසාදමා සංවර්ධන කටයුතු කඩිනම් කළ පසු අලුත්වැඩියා කටයුතුවලින් 75%ක් නිම කිරීමට හැකි වී තිබෙන බවත්, අප්‍රේල් 06 වැනිදා වනවිට ආස්තරණ කටයුතු නිමකොට ගුවන් යානා මෙහෙයුම් කටයුතු සඳහා බාරදීමට හැකි වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙම ධාවන පථය නිම කිරීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපොළේ දෙවැනි පර්යන්ත ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ලබන ජූලි මස ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන පැවසූ හෙතෙම ඒ සඳහා දැනටමත් ටෙන්ඩර් කැඳවීම් සිදුකර ඇතැයිද කියා සිටියේය.