කටුනායකට පැමිණි ගුවන් යානය මත්තලට යයි
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද (01දා) දින අලුයම් කාලයේ පැවති අධික වැසි සහිත අයහපත් කාළගුණික තත්වය නිසා මස්කට් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයක් , මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණි .
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 206 දරණ යානය මෙසේ මත්තල වෙත ගොඩ බෑවේය. අද අලුයම 4.45 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට නියමිතව අලුයම 5.20 ට මත්තල ගුවන් තොටුපොළ වෙත ගොඩ බැසීමට පියවර ගෙන තිබුණි .
ඒ වනවිට එහි මගීන් 130 ක් සිටි බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසීය .
කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ කාළගුණික තත්වය යහපත් වූ පසු 6/01 දින උදෑසන 6.30 ට යළිත් මත්තල ගුවන් තොටුපොළෙන් , කටුනායක ගුවන් තොටුපොළ බලා පිටත්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


