ඔස්ට්‍රේලියාවේ සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට එවා තිබූ කටුස්සන් වැනි සත්ත්ව විශේෂයක් පෙර්දා (13දා) රාත්‍රියේ රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවාව ඔස්සේ එවා තිබූ මෙම සත්ත්ව විශේෂය කටුනායක ගුවන්තොටුපොළ ගුවන් බඩු ගම්මානයේ භාණ්ඩ ප්‍රවාහනය කරන ජාත්‍යන්තර සමාගමක කාර්යාලයකට එවා තිබියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
භාවිත කළ පරිගණකයක් සේ හඳුන්වමින් කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ ලිපිනයට එවා තිබූ මෙම ගුවන් භාණ්ඩ පාර්සලය භාර ගැනීමට අදාළ පුද්ගලයාට දැන්වුවද ඔහු පැමිණ නොමැත.
මෙම සතුන් ඔස්ට්රේලායවේ සිට සිංගප්පූරුවට ගෙන ඒමෙන් අනතුරුව එතැන් සිට සිංගප්පූරු ගුවන් යානයක් මගින් ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
ඉන් අනතුරුව මෙම පුද්ගලයා සහ ලිපිනය පිළිබඳව සොයා බැලූ රේගු නිලධාරීන් ඒවා ව්‍යාජ ඒවා බව දැන ගැනීමෙන් පසුව මෙම පාර්සලය අදාළ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ආයතනයේ නිලධාරීන් ඉදිරිපිටදී විවෘත කර පරීක්ෂා කර බැලීමේදී මෙම සතුන් 32 එම පරිගණකය තුළ වූ කුඩා රෙදි මලු 05ක දමා සිටියදී රේගු නිලධාරීන් විසින් සොයා ගනු ලැබ තිබේ.
මෙම සත්ත්ව විශේෂය බටහිර රටවල සුරතලයට ඇති කරන බව ප්‍රකාශ වුවද මොවුන් පිළිබඳ නිශ්චිත තොරතුරු මෙතෙක් අනාවරණය කර ගෙන නොමැත.
මෙම සතුන් පිළිබඳව දෙහිවල සත්ත්ව උද්‍යානයයේ නිලධාරීන් මෙන්ම, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සත්ත්ව නීරෝධායන අංශයේ නිලධාරීන් සමග සහ ශ්‍රී ලංකා රේගුවේ වන සත්ත්ව ආරක්ෂක නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වා අද (15දා) මෙම සතුන් යළිත් ඔස්ට්‍රේලියාවට ආපසු යැවීමට කටයුතු කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.