කටුනායක ගුවන් තොටුපොළ අවට ප්රදේශයේ පුරා අද (25 දා) රාත්රී 7.00 පමණ සිට පවතින අධික අකුණු ගැසීම් සහිත අයහපත් කාලගුණික තත්වය නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට පැමිණි ඕමාන් ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කළ බව කටුනායක ගුවන් තොටුපොළ රාජකාරි කළමනාකාරවරයා පැවසීය.
මෙය ඕමානයේ සිට පැමිණි ඕමාන් ගුවන් සේවයට අයත් ඩබ්ලිව්. අයි.- 373 දරන ගුවන් යානයයි. මෙම යානය 4/25 දින රාත්රී 7.55 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට නියමිතව තිබුණත් , ඒ වනවිට කටුනායක ගුවන් තොටුපොළ අවට පැවති අධික අකුණු ගැසීම් සහිත අයහපත් කාළගුණික තත්වය නිසා රාත්රී 8.24 ට මත්තල ගුවන් තොටුපොළ වෙත ගොඩ බා ඇත.
මෙම යානය බෝයිං - 737 වර්ගයේ ගුවන් යානයක් වන අතර , එහි මගීන් 86 ක් සහ කාර්යය මණ්ඩලය 15 ක් සිටියහ.