කටුනායක ප්‍රදේශයේ පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ගොඩ බෑමට පැමිණි ගුවන් යානා දෙකක් අද (18 දා) සවස මත්තලට හරවා යැවූ බව ගුවන්තොටුපොළ බලධරයෝ කියති.
ජකර්තා සිට පැමිණි මිහින්ලංකා ගුවන් සේවයට අයත් ගුවන් යානයත්, ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයත් මත්තල ගුවන්තොටුපොළ වෙත හරවා යවා ඇත.
පසුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ කාලගුණ තත්ත්වය යහපත් අතට පත්වූ පසු මගීන්ගේ පහසුව තකා යළි සවස 6.57 ට පමණ මත්තලින් කටුනායක බලා යානා දෙකම පිටත්ව තිබේ.