කටුනායක ගුවන් තොටුපල පුළුල් හා සංවර්ධනය කරලීමේ ව්‍යාපෘතිය සඳහා ආධාර සහ සහය දැක්වීම සඳහා වූ ගිවිසුමට ඊයේ (06 දා) ජපානයේ තෝකියෝ නුවරදී අත්සන් තැබූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
ජපාන අග්‍රාමාත්‍ය ෂින්සො අබේ සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඉදිරියේ මෙම ගිවිසුමට අත්සන් තැබූයේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය දම්මික ගංගනාත් දිසානායක යන මහත්වරුන් විසිනි.
මෙම ගිවිසුමට අනුව කටුනායක ගුවන් තොටුපල පුළුල් හා සංවර්ධනය කරලීම සඳහා ජපාන රජය යෙන් බිලියන 45 ක (රපියල් බිලියන 53.65) මුදලක් වැය කරනු ඇත.