කොළඹ සිට යාපනය බලා ගමන් කරමින් තිබූ පුද්ගලික බස් රථයෙක් අද (18දා) උදෑසන කටුනායක අධිවේගයේ වත්තල ප්රදේශයේදී ගිනි ගැනීමට ලක්ව තිබේ.
ගින්නෙන් බස්රථය සම්පූර්ණයෙන්ම හානිවී තිබෙන අතර එම අවස්ථාවේදී බස් රථයේ මගීහු 36 දෙනෙක් ගමන්කර තිබේ.
තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් රථය ගිනි ගන්නට ඇති නමුත්, අනතුරින් කිසිවෙකුටත් හානි සිදුවී නැති බවත් පොලීසිය කියයි.