කටුගස්තොට ප්රදේශයේදී අද (14දා) උදෑසන සිදු වූ යතුරුපැදි අනතුරකින් මවක සහ දියණියක ජීවිතක්ෂයට පත්ව ඇති බව කටුගස්තොට පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අඹන්පොළ ප්රදේශයේ පදිංචි 24 හැවිරිදි චාන්දනි කුමාරි නමැති මව සහ ඇගේ අවුරුදු 02ක් වයසැති සඳලි තාරකා නමැති දියණියයි.
පියා,මව සහ දියණිය සමග යතුරුපැදියකින් කුරුණෑගල සිට කටුගස්තොට දෙසට ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් එම දිශාවටම ගමන් කළ යතුරුපැදියක පිටුපස ගැටී කටුගස්තොට සිට කුරුණෑගල දෙසට ගමන් ගත් පුද්ගලික බස් රථයක පසුපස රෝදයට යටවීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුර සිදුවීමෙන් අනතරුව තිදෙනා තිත්තපජ්ජල රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් මව සහ දියණිය මියගොස් සිට තිබෙන අතර පියා ප්රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්රකාශකයෙකු පැවසීය.
මියගිය අයගේ මෘත ශරීර තිත්තපජ්ජල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කටුගස්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.