කටාර් රාජ්‍යය සම්බන්ධයෙන් ඇතිවී ඇති ගැටලුව හේතුවෙන් එරට රැකියාවේ නිරත ලාංකිකයන්ට කිසිඳු ගැටලුවක් ඇතිවී නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය තලතා ඇතුකෝරල මහත්මිය සඳහන් කළාය.
ඒ අනුව අවශ්‍යතාවයක් ඇතිවූ වහාම එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් යළි දිවයිනට ගෙන්වාගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.