කටාර් රාජ්‍ය සමග පැවැති සබඳතා අත්හිටුවීමට ගල්ෆ් කලාපයේ රටවල කිහිපයක් කටයුතු කළත් එම තීරණයෙන් කටාර් වැසියන්ට හෝ ශ්‍රී ලාංකිකයන් ඇතුළුව කටාරයේ රැඳී සිටින විදේශිකයන්ගේ සමාන්‍ය ජිවිතයට ගැටලුවක් ඇතිව නැතැයි ශ්‍රී ලංකාවේ පිහිටි කටාර් තානාපති කාර්යාලය නිවේදනයක නිකුත් කරමින් පවසයි.
එසේම එම රටවල් සබඳතා අත්හැරීම හේතුවෙන් උද්ගතවූ තත්ත්වය සම්පූර්ණයෙන්ම මේ වන විට පාලනය කර ඇති බවත් හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වීම සඳහා මීට වසර කිහිපයකට පටන් කටාර් රජය සූදානම් වී සිටි බවත් තානාපති කාර්යාලය අද (14දා) නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
කටාරයට ගුවන් කලාපය තහනම් කළ රටවල් හැරෙන්නට ලෝකයේ අනෙකුත් සියලු රටවල් සඳහා කටාර් රාජ්‍යයේ සිට ගුවන් ගමන් ක්‍රියාත්මක බවත් වරාය මෙන්ම ගුවන් තොටුපොළද ආනයන හා අපනයන කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.
කටාර් ආර්ථිකය මෙන්ම බලශක්ති ක්ෂේත්රය සාමාන්‍ය තත්ත්වය යටතේ ක්‍රියාත්ම බවත් ආහාර හෝ වෙනත් ද්‍රව්‍යන්ගේ කිසිඳු හිගයක් නොමැත් බවත් තානාපති කාර්යාලය පවසයි. මෙම තත්ත්වය සඳහා මුහුණ දීමට කටාර් ආර්ථිකය තවදුරටත් විවිධාංගීකරණය කිරීමට කටයුතු කරන බවත් තම මූල්‍ය ශක්තිය හා තමන්ට පවතින සම්පත් අනුව රජයට කිසිඳු ආකාරයක ගැටලුවක් නොමැති බවත් එම නිවේදයේ දැක්වෙයි.
ඒ අනුව නොමග යවන සුළු ප්‍රචාර වලට නොරැවටෙන ලෙස කටාර් තානාපති කාර්යාලය ශ්‍රී ලංකා ජනතාවගෙන් ඉල්ලා සිටියි.