පිලිපීන ජාතිකයන්ට කටාර් රාජ්‍යයේ සේවයට යෑම තාවකාලිකව තහනම් කිරීමට පිලිපීන රජය කටයුතු කර තිබේ. ඒ කටාරය සමග රටවල් හතරක් සබඳතා අත්හැරීම හේතුවෙනි.
පිලිපීන ජාතිකයන් 140000ක් පමණ කටාරයේ සේවය කරයි. කටාරය ත්‍රස්තවාදය සඳහා ආධාර සපයන බව සඳහන් කරමින් සෞදි ආරාබිය, ඡජිප්තුව, බහරේනය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටාරය සමග සබඳතා අත්හැරියේය.
රජයේ තීරණය පිළිබඳව පිලිපීනයේ කම්කරු ලේකම් සිල්වෙස්ට්රී බෙල්ලේ නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේ කටාරය පිළිබඳව විවිධ ආකාරයේ ප්රවෘත්ති නිර්මාණය වෙමින් පවතින හෙයින් එහි නොයා සිටීම වැදගත් බවයි.