කච්චතිවු දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය අද (21දා) දහවල් අවසන් වූයේ ඉන්දියාවේත් ශ්‍රී ලංකාවේත් බැතිමතුන් දස දහස් ගණනකගේ සහභාගිත්වෙයෙනි. අවසන් දේව මෙහෙය පවත්වමින් ජස්ටින් ඥාණප්‍රගාසම් යාපනය රදගුරු හිමිපාණෝ ප්‍රාර්ථනා කළේ ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ වැසියන්ට මුහුණ පෑමට සිදුව ඇති ප්‍රශ්න හා ගැටලු වලට ඉතාම ඉක්මනින් විසදුමක් ලැබේවා යනුවෙනුයි.
රටවල් දෙකේම වැසියන්ට ස්ථිර සාමයක් මෙන්ම ජාතීන් අතර සහයෝගීතාවයක් භුක්ති විදීමටද අවකාශ ලැබේවායි උන්වහන්සේ ප්‍රාර්ථනා කළේ රටවල් දෙකේම බැතිමතුන්ගේ අත්පොලසන් හඩ මධ්‍යයේයි.
ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ උතුරේ ධීවරයින් අතර හටගෙන තිබෙන අර්බුදයන් විසදීම පිණිසද ඉක්මන් ක්‍රියාදාමයක් අනුගමනය කිරීමට අවස්ථාව සලසා දෙන මෙන් රදගුරුහිමිපාණෝ ශාන්ත අන්තෝනි මුනිදුන්ගෙන් ඉල්ලා සිටියහ.