කච්චතිව් දූපතේ අයිතිය පිළිබඳව ඉන්දීය මධ්‍යම රජය නැවත වරක් සලකා බැලිය යුතු බව ඉන්දීය පාලක පක්ෂය වන භාරතීය ජනතා පකෂයේ මහ ලේකම් පී. මුරලින්ධාර් රාඕ පවසයි.
භාරතීය ජනතා පක්ෂයේ තමිල්නාඩු දේශපාලන කටයුතු භාරව ක්‍රියා කරනු ලබන්නේද රාඕ විසිනි.
තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා මහත්මිය මැඩ්රාස් අධිකරණය වෙත මීට දින කිහිපයකට ඉහතදී දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ, ඉන්දීය මධ්‍යම රජය නැවත වරක් කච්චතිව් දූපත පවරා ගත යුතු බවයි.
කෙසේ වෙතත් අධිකරණය සඳහන් කළේ, කච්චතිව් දූපත නැවත පවරාගත නොහැකි බවත් එහි අයිතිය ශ්‍රී ලංකාවට පවතින බවත්ය.
රාඕ තවදුරටත් අදහස් දක්වමින් පැවැසුවේ, ඉන්දීය ධීවරයන්ගේ අයිතිය ආරක්ෂා කිරීම සඳහාද පූර්ණ වශයෙන් අවධානය යොමුකර ඇති බවයි.
‘ද හින්දු’ ඇසුරෙනි