“කකුළුවා ඇදේට ගිහිල්ලා කකුළු පැටවුන්ට කෙළින් යන්ඩ කියනවා. ඒ වගේ නායකයෝ කෙළින් වැඩ කරන්නේ නැතුව ඇදේට යනකොට අනිත් අයත් ඇදේට තමා යන්නේ. ඒක තමා අද පාර්ලිමේන්තුවේ දකින්න තියෙන්නේ" යැයි හිටපු අමාත්‍ය අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය. හෙතෙම මේ බව පැවසුවේ wo (08දා) අනුරාධපුරයේදී පැවති රැස්වීමක් අමතමිනි.
“පාර්ලිමේන්තුවේ ඇතිවෙලා තියෙන තත්ත්වය පිළිබඳ ඉතාම කනගාටු වෙනවා. නායකයෝ වැරදි විදිහට හැසිරීමයි මේකට ප්‍රධාන හේතුව. පාර්ලිමේන්තුව කියන්නේ උත්තරීතර ආයතනයක්. සියලු දෙනාටම පාර්ලිමේන්තුවට යන්න බැරි නිසා තමයි ජනතාවවෙනුවෙන් නියෝජිතයෙක් අරින්නේ. මේ 225 දෙනා ඉතාම ගෞරවයෙන් ඒ වගේම විනීතව හැසිරෙන්න දැනගන්න ඕන"