ආණ්ඩුව ආරම්භයේදී සිටි කකුල් මාට්ටුකාරයෝ සියල්ල ඉවත්ව ගොස් ඇති බවත්, ඒ නිසා ජනතාවට පොරොන්දු වූ දේවල් ඉටුකිරීමට පිළිවෙළකට වැඩක් කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ කාර්යාලයේදී පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්රීවරයා මේ බව පවසා සිටියේය.
“පොහොට්ටුව විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා ඉල්ලගෙන කෑවේ. ඊට පස්සේ ඒ අයට දැන් අලුත්ම කතාව තමයි තව අවුරුදු 2කට වඩා තියෙන පාර්ලිමේන්තුව විසුරුවන එක. නමුත් පාර්ලිමේන්තුව විසුරුවන්න අවුරුදු දෙකහමාරක් තියනවා. 2020 අගෝස්තු මාසේ 17 වැනිදා තමයි පාර්ලිමේන්තුවේ කාලය ඉවර වෙන්නේ. ඒ එක්කම මේ ආණ්ඩුවේ හිටපු යක්කු, පෙරේතයෝ, කුම්භාණ්ඩයෝ, දැන් ඔක්කෝම ගිහිල්ලා තියෙන්නේ.
ඒක හොඳයි ගිය එක. දැන් අපිට ජනාධිපතිතුමා එක්ක එකතු වෙලා ජනවාරි මාසෙ 08 වැනිදා ලබා ගත්තු වරම වෙනුවෙන් පොරොන්දු වෙච්ච දේ ඉෂ්ට කරන්න දැන්වත් අපිට වැඩ කරන්න පුළුවන් පිළිවෙළකට. ජනතාව මේ ආණ්ඩුව කෙරෙහි කලකිරීමට හේතුව තමයි අර කකුල් මාට්ටු කාරයෝ මෙහෙ ඉඳලා ඞීල් දාගෙන ඒ වැඩ ටික කරගන්න දුන්නේ නැති එක.” යැයි ද පවසා සිටියේය.