ලුණුගම්වෙහෙර වනෝද්‍යානයේ කංසා හේනක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට වන අලි ප්‍රහාරයක් එල්ල වී තිබේ..
පසුගිය 17 දා ඔවුන් මෙම මෙහෙයුම දියත් කර ඇති අතර ඊයේ (20දා) අලුයම් කාලයේදි කංසා හේන ආසන්නයට ගිය අවස්ථාවේදී මෙසේ වන අලි ප්‍රහාරයකට ලක්ව ඇත.
වන අලි ප්‍රහාරයෙන් කොස්තාපල්වරු දෙදෙනෙක් තුවාල ලබා ඇත. ඔවුන් දිවි බේරා ගැනීම සඳහා දිය යාමේදී එක් පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් අස්ථාන ගතවී ඇත.
නැතිවූ ගිනි අවිය සෙවීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය හා කතරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.