ශ්‍රී ලංකාවේ කංසා වගා කර අපනයනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව විසින් නිෂ්පාදනය කරන ලද නව ආයුර්වේද නිෂ්පාදන හඳුන්වාදීම වෙනුවෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ ඊයේ (10දා)පස්වරුවේ පැවැති උත්සවයකදී රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.
|
ලංකාවේ කංසා වගා කරලා බටහිර රටවල ඖෂධ නිෂ්පාදනයට අපනයනය කිරීමේ යෝජනාවක් ලැබී තිබෙනවා. මම එය ක්‍රියාත්මක කිරීමටයි බලාපොරොත්තු වන්නේ
|
“පසුගිය කාලයේ ආයුර්වේදයට ආයුර්වේද නිෂ්පාදන සඳහා අබිං හිඟයක් තිබුණා. එම අබිං ඉන්දියාවෙන් ආනයනය කිරීමට පියවර ගත්තා. ආයුර්වේදය සඳහා කංසාත් අවශ්‍යයි. එමනිසා තමයි කංසා වැවීමට අවශ්‍යයැයි කියලා මම ප්‍රකාශ කළේ. ලංකාවේ කංසා වගා කරලා බටහිර රටවල ඖෂධ නිෂ්පාදනයට අපනයනය කිරීමේ යෝජනාවක් ලැබී තිබෙනවා. මම එය ක්‍රියාත්මක කිරීමටයි බලාපොරොත්තු වන්නේ”යනුවෙන්ද අමාත්‍යවරයා පැවසුවේය.