ශ්‍රී ලංකා ඖෂධ සංස්ථා සේවකයන්ට 1996 සිට පඩි වැඩිවීමක් ලබානොදුන් බව පවසමින් සහ ඉක්මනින් පඩි වැඩිවීමක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඖෂධ සංස්ථාවේ සියලුම සේවකයන් කළුපටි ව්‍යාපෘතියක් දියත් කර තිබේ.
මේ සඳහා ඉක්මන් පිළිතුරක් නොලැබුණහොත් බ්‍රහස්පතින්දා (30දා) වැඩවර්ජනයක් කරන බවත්, මේ සඳහා සියලු වෘත්තීය සමිති එක්ව සිටින බවත් ඖෂධ සංස්ථා ප්‍රකාශකයෝ 'අද' ට පැවසීය.