රෝගීන්ට ලබාදෙන ඖෂධ වෙළඳ නාමය වෙනුවට ඖෂධ නාමයෙන් සඳහන් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසී ය.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (22දා) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග පිළිබඳව විවාදයේ අඳහස් දක්වමිනි.
"ඖෂධවල ගුණාත්මකභාවය තවම වෙළඳ නාමයෙන් කරන්නේ. ඇතැම් වෛද්‍යවරු සියලු නීතිවලට හොරෙන් වෙළඳ නාම ලියනවා. එදා තිබුණේ ඒකයි. තව වසරකින් පමණ ඖෂධවල වෙළඳනාමය වෙනුවට ඖෂධය, ඖෂධ නමින් ම හඳුන්වන ක්‍රමයක් ගේනවා. ඇමරිකාවෙත් බෙහෙත් ලියන්නේ ඖෂධ නාමයෙන්. අපට ඒකට තත්ත්ව රසායනාගාරයක් ඕන. ඒකට තැනක් නෑ. චීනය සමඟ කතා කරලා ඖෂධ තත්ත්ව රසායනාගාරයක් ගත්තා." යැයි ද අමාත්‍යවරයා පැවසී ය.