2018 වසර වනවිට මෙරට කර්මාන්ත ශාලා 10 ක් ඖෂධ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිත බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
වසර 2019 වනවිට මෙරටට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමග ගිවිසුම් වලට එළැඹ සිටින ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා නිරීක්ෂණය කරමින් අමාත්‍යවරයා එසේ පවසා සිටියේය.
ඒ අනුව හොරණ මිල්ලෑවේ පිහිටි NAVESTA හා හොරණ තල්ගහවිල පාරේ පිහිටි Stregenකර්මාන්ත ශාලා අමාත්‍යවරයා විසින් නිරීක්ෂණය කළ අතර, ලබන වසරේ මැයි මාසයේ සිට NAVESTA කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතව පවතී. එන්නත් නිෂ්පාදනය සඳහා NAVESTA කර්මාන්ත ශාලාව කටයුතු කරන අතර, Stregenකර්මාන්ත ශාලාව මගින් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 10 ක් මේ අනුව නිපදවීමට කටයුතු කරනු ඇත.