රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආනයනය කර තිබෙන ඖෂධ වර්ග 53ක් මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය තෙක් කල් ඉකුත්වන බවට මාධ්‍ය මගින් පළවූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය එච්.එම්.එම්. රූම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයේ මෙලෙස සඳහන්ය.
"බොහෝ ඖෂධවල ජීව කාලය වසර 02ක් පමණ වෙයි. ඇතැම් නික්ෂේපන වර්ග, නාසයට උරන ඖෂධවල ආයු කාලය මාස 12 සිට 18 පමණ වෙයි. මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කල් ඉකුත් වන්නේ එක් ඖෂධයක් පමණි. එය නික්ෂේපන වර්ගයන් වන අතර, පිළිකා රෝගයට ගන්නා ඖෂධයකි.
මෙවන් ඖෂධවල ඉල්ලුම ගැන සැලසුම් කිරීම අපහසුය. නමුත් අප සංස්ථාවේ යුතුකම වන්නේ මෙවැනි ඖෂධවල තොග අඛණ්ඩව තබා ගැනීමයි. එසේම අනෙකුත් ඖෂධවල කල් ඉකුත්වීමේ දිනයක් තිබුණද ඒවා විකිණෙමින් පවතී.
ඖෂධ වර්ග 48 ක මිල පාලනය කරන ලද අවස්ථාවට මුහුණදීමට හිඟයකින් තොරව ඖෂධ තොග පවත්වා ගැනීමට අප සංස්ථාවට සිදුවිය. මෙහිදී සාමාන්‍ය සැලසුම් ප්‍රමාණයට වඩා වැඩියෙන් ඖෂධ තොග තබා ගැනීමට සිදුවූ බවද කිව යුතුය."