දේශපාලනය කිරීමට තමන් පර්පෙචුවල් සමාගමෙන් මුදල් ලබානොගත් නමුත්, තමන්ට තිබෙන වත්කම්වලින් අවශ්‍ය නම් පර්පෙචුවල් සමාගමට මුදල් ලබාදිය හැකි බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසූයේ අද (04දා) මාවනැල්ලේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ පැනයකට පිළිතුරු දෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“මෛත්‍රී ගුණරත්න මහත්තයා කියලා තිබුණා මම පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් අරන් තියනවා කියලා. මම කියන්න කැමැතියි මට මේ දේශපාලනය කරන්න එක එක කොම්පැණිවලින් සල්ලි ගන්න ඕන නැහැ. මාගේ තාත්තාලා අම්මලා හම්බ කරලා තිබෙන දේපොළවලින් ඕනෑ නම් මට පර්පචුවෙල් සමාගමට කීයක් හරි දෙන්න පුළුවන්. මට මේ කොල්ලන්ගෙන් හිඟා කන්න ඕනෑ නැහැ දේශපානය කරන්න.
මට මෙහි හංගන්න දෙයක් නැහැ. ඒ නිසා එතුමා කරපු චෝදනාව මම සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මම ඥාතියෙක් හරහා මුදල් ගත්තෙත් නැහැ” යැයි පැවසීය.