තමාට විරුද්ධව ඇති චෝදනාවක් පිළිබදව පරීක්ෂණයක් සිදුවන ගම්පහ පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථානාධිපතිවරයකු එම ප්‍රදේශයේ දේශපාලනඥයකු මාර්ගයෙන් ස්ථානමාරුවක් හදා ගැනීමට උත්සාහ කරන බව පොලිසියෙන් වාර්තාවේ.
අල්ලස් සිද්ධියක් ගැන පැමිණිලි කළ තරුණයකුට එම පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නැයි තර්ජනය කළ බව ඔහුට එරෙහිව ඇති පැමිණිල්ලවේ.
එම තරුණයා නොවැම්බර 12 වැනි දා ද පොලිසියට පැමිණිල්ලක් කරතිබේ.
මේපිළිබදව එම ප්‍රදේශයේ දේශපාලනඥයාගෙන් සහ පොලිස් කොට්ඨාසයබාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන් විමසුවද තමා එවැන්නක් නොදන්නා බව ඔවුන් පැවසුහ.
කෙසේවෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ ඔහු වෙනත් පොලිසියක ස්ථානාධිපතිවරයකු ලෙස පත්කිරීමේ සූදානමක් නැති බවයි.
සම්පත් විදානගේ