ධීවර කටයුතුවලටද වැඩි පහසුකම් හිමි වන සේ ඔළුවිල් වරාය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා වරාය සහ නාවික අමාත්‍යාංශය සමග ධීවර අමාත්‍යාංශය එකඟ විය. එම එකඟතාව ඇති වූයේ වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) උදෑසන පැවැති සාකච්ඡාවකදීය. ඔළුවිල් වරාය ව්‍යාපෘතිය විමසා බැලීම සඳහා එම සාකච්ඡාව කැඳවා තිබිණ.
2008 වර්ෂයේදී ආරම්භ කළ ඔළුවිල් වරායේ ප්‍රධාන අංශ දෙකක් වේ. ඒ වානිජ වරාය සහ ධීවර වරායයි. එයින් ධීවර වරායේ ප්‍රමාණය හෙක්ටයාර 06කි. සම්පූර්ණ ජල ප්‍රදේශය ආවරණය කරන යාත්‍රා ද්‍රෝණියක් සහ මීටර් 300ක තටාක බිත්තියක් එම ධීවර වරායට අයත් වේ. මාළු වෙන්දේසි ශාලාව, දැල් පිළියම් කිරීමේ පහසුකම් සහ පරිපාලන පහසුකම්ද ඔළුවිල් ධීවර වරාය සතුය.