ශ්‍රී ලංකා සරණාගතයින් 54 දෙනෙකු ඇතුළුව සරණාගතයින් 65 දෙනෙකු රැගෙන ඔස්ට්‍රේලියාව බලා ගිය නෞකාවේ කපිතාන් හා කාර්ය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකුට එම නැව අාපසු හරවා යැවීම සඳහා ඔස්ට්‍රේලියානු නාවික හමුදාව මුදල් ගෙවූ බවට වාර්තා වන තොරතුරු ඔස්ටේලියාව ප්‍රතික්ෂේප කරනවා.
මෙම මිනිස් ජාවාරම්කරුවන් වෙනුවෙන් එක් අයෙකුට ඩොලර් 5000 බැගින් ගෙවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් එය ඔස්ට්‍රේලියා ප්‍රතික්ෂේප කරනවා.
මෙම සරණාගත පිරිස මේ වන විට ඉන්දුනීසියාවේ දූපතක රැඳී සිටින අතර ඔවුන් නවසීලන්තයෙන් උදව් ඉල්ලා තිබෙනවා.