ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව අනාගතයේ දී තව තවත් ඉහළ නැංවීමට ක්‍රියා කරන බව ඔස්ට්‍රේලියාවේ ආගමන සහ දේශ සීමා ආරක්ෂ අමාත්‍ය පීටර් ඩට්න් මහතා පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා අමාත්‍යවරයා අතර ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම අදහස් දක්වා තිබේ.
දෙරටේ සංචාරක සංක්‍රමණය ඉහළ නැංවීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ද මෙහිදි අදහස් හුවමාරු කර ගෙන තිබේ.