ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර කිතුණු එකමුතුවක ප්‍රධාන ශාලාව වෙත ගෑස් බෝතල්වලින් පිරි වෑන් රථයක් කඩා වැදී පිපිරවීමක් සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.
'ඔස්ට්‍රේලියාන් ක්‍රිස්තියන් ලොබී' යනුවෙන් හැඳින්වෙන මෙම ක්‍රියාකාරී පිරිස එරට ප්‍රතිපත්ති සම්පාදනයේදී කිතුණු අදහස් හා ආකල්පය ඒ වෙත යොමුකිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන එකමුතුවක් බව කියයි.
මෙම වෑන් රථය ඒ වෙත කඩා වදින අවස්ථාවේදී එහි කිසිවෙකු නොසිට ඇති අතර, මින් වෑන් රථය පැදවූ 35 හැවිරිදි පුද්ගලයා බරපතල පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මෙය දේශපාලනික, ආගමික හෝ මතවාදමය වශයෙන් ඉල්කක කළ ප්‍රහාරයක්ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව ඔස්ට්‍රේලියානු පොලීසිය අවධාරණය කරයි.
ඔස්ට්‍රේලියානු වේලාවෙන් බදාදා රාත්‍රී 9.30ට පමණ මෙය සිදුව ඇති අතර, මෙම පුද්ගලයා එම වෑන් රථයේ වූ ගෑස් ටැංකි පුපුරුවා ඇති බව විශ්වාස කෙරෙයි.
කෙසේ වෙතත්, මෙම කිතුණු එකමුතුවේ ප්‍රධානියා පවසන්නේ මෙය හිතාමතා එල්ල කළ ප්‍රහාරයක් බවයි. ඇය සඳහන් කරන ආකාරයට ඔවුන්ට මීට පෙරත් අවස්ථා ගණනාවකදීම මරණ තර්ජන එල්ල වී ඇති අතර, මෙම අවස්ථාවේදී එහි කිසිවෙකු නොසිටීම ගැන තමන් සැනසුම් සුසුම් හෙලන බවද ඇය පවසයි.
80,000ක පමණ කණ්ඩායමකින් සැදි මෙම කුතුණු එකමුතුව එරට ඇතැම් ආගමික නායකයනගේ දෝෂ දර්ශනයට ලක්වූ ක්‍රියාකාරී පිරිසක් බවටද මතයක් පවතී. මන්දයත්, ඔවුන් නියම කිතුණු ඉගැන්වීම ඔවුන් තුළින් ඉස්මතු නොවන බව එම ආගමික නායකයෝ පවසා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.