නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඉදිකළ චීන සමාගමෙන් ලැබුණු කොමිස් මුදල්වලින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු ඔස්ට්‍රේලියාවෙන් නිවාස හතරක් සහ කොළඹ, කිරුළපන ප්‍රදේශයෙන් නිවසක් මිලදී ගෙන තිබෙන බවට තොරතුරු අනාවරණයවී ඇතැයි නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අද (19දා) පැවසීය.
මරදාන සමාජය හා සමාජීය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය රජය සමයේ සිදුකළ මෙවැනි ගනුදෙනු සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙන බැවින් පරීක්ෂණ ඉදිරියට පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි.
දූෂණ විරෝධී සංවිධානවල නියෝජිතයන්ගෙන් කොටසක් ජනාධිපතිවරයාගේ හිත රිදේවි යැයි පවසමින්ද, තවත් කොටසක් අගමැතිවරයාගේ හිත රිදේවි යැයි පවසමින්ද මෙවැනි පරීක්ෂණවලට සහාය නොදෙන බවයි.