මෙරට ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ලෙස කටයුතු කළ රොබින් මූඩි මහත්මිය (Robyn Mudie) සිය සේවා කාලය අවසන් කර සමුගැනීම දැනුවත් කිරීම සඳහා අද (04දා) ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවිය.
මෙහිදී පැවැති සුහද සාකච්ඡාවේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් මෙරට ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ලෙස සිදුකළ සේවාව වෙනුවෙන් රොබින් මූඩි මහත්මිය වෙත සිය ප්‍රසංශාව පළ කර සිටියේය.
මෙම අවස්ථාව සිහිපත්වීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් රොබින් මූඩි මහත්මිය වෙත සමරු තිළිණයක්ද ප්රදානය කරන ලදී.