නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට ගොස් සිටින ශ්‍රී ලංකා සරණාගතයිනට නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කරයි. ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත අග්‍රමාත්‍යවරයා හා ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අතර පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදි අග්‍රාමාත්‍යවරයා මෙම ආරාධනාව කළේය. නීතිය කඩකරමින ඔස්ට්‍රේලියාවට ගියත් ඔවුන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේදි සමාව දෙන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.