අයහපත් කාලගුණ තත්ත්වයෙන් අවතැන් වූවන්ට සහන සැලසීම සඳහා සහයෝගය ලබාදෙන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
පිසූ ආහාර ලබාදීමේ වැඩසටහන් කිහිපයක් මේ වනවිට ක්‍රියාත්මක වන අතර ආපදාවන්ට ලක්වූවන් මුදවා ගැනීමට ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය මේ වනවිට ක්‍රියාත්මකව සිටියි.
වියළි ආහාර, පිරිසිඳු පානීය ජලය, කිරිපිටි හා ළදරු ආහාර, පැදුරු, මදුරුදැල්, ඇද ඇතිරිලි සහ සනීපාරක්ෂක උපකරණ මෙම ජනතාව සඳහා අවශ්‍යව තිබේ. එම ද්‍රව්‍ය සහ උපකරණ ලබාදිය හැකි පුද්ගලයන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ලබාදෙන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන් පොදුවේ ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සහනාධාර ලබාදීම් 033 22222 35 හෝ 071 352 70 36 යන දුරකථන අංක ඔස්සේද පුත්තලම දිස්ත්‍රික්කයේ 032 22 65 225 , 032 22 65 756 , 032 22 65 235 යන දුරකථන අංක ඔස්සේද කෑගල්ල දිස්ත්‍රික්කයේ 035 2222 603 සහ 035 2222 35 යන දුරකථන අංක ඔස්සේද ඒ පිළිබඳ විමසීම් සිදුකළ හැකිය.