ඉන්දියාවේ 66 වැනි ජනරජ දිනට අදට (25දාට) යොදී තිබෙන අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණ තිබෙන ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමාට ප්‍රහාරයක් එල්ලවීමට ඉඩක් පවතින බව ඉන්දීය බුද්ධි අංශ දිල්ලි පොලීසියට අනතුරු අඟවා තිබේ.
හින්දුස්තාන් ටයිම්ස් පුවත්සේවය සඳහනා කරන්නේ ඉන්දීය විරෝධී ශ්‍රී ලංකා හා මාලදිවයින් කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය දියත් කිරීමට ඉඩ ඇති බවට ඉන්දීය බුද්ධි අංශ අනතුරු අගවා තිබෙන බවයි.
මේ අනුව වීසා අවසරය නොමැතිව ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් හා මාලදිවයින් ජාතිකයින් පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබෙන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.