පැනමා රාජ්‍යයේදී ඇමෙරිකාස් සමුළුව ඇරඹෙන විට කලක් විරසකම සිටි ඇමෙරිකාව හා කියුබාව අතර අලුත් පරිච්ඡේදයක දොරගුළු විවෘත වන ආකාරය දැකිය හැකිවූ බව විදෙස් වාර්තා පවසයි.
මෙම සමුළුවේදී ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා හා කියුබානු නායක රාහුල් කැස්ත්‍රෝ අතර පැවැත්වෙන සාකච්ඡාව අඩසිය වසකට පමණ පසු දෙරට අතර සිදුවන ඉහළ මට්ටමේ සාකච්ඡාව ලෙස ඉතිහාසගත වනු ඇත.
එමෙන්ම, ත්රස්තවාදීන්ට පහසුකම් සලසන රාජ්‍යයන්ගේ ලැයිස්තුවෙන් කියුබාව ඉවත් කරමින් මෙම සමුළුවට සහභාගි වීමට ප්‍රථමම ඔබාමා දෙරටේ සාකච්ඡා පිළිබඳ හොඳ ඉඟියක් ලබාදී තිබුණි.
සමුළුව ආරම්භ වන අවස්ථාවේදී රාජ්‍ය නායක දෙපළ ඉතා සුහදත්වයෙන් කතාබහ කරන ආකාරය දැකිය හැකි වූ බව විදෙස් වාරතා පවසයි.
මධ්‍යම, උතුරු හා දකුණු ඇමෙරිකානු රටවල් 35ක රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයෙන් ඇමෙරිකාස් සමුළුව මෙවර පැනමා රාජ්‍යයේදී පැවැත්වෙයි.