ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා කියුබාව වෙත ඓතිහාසික සංචාරයක් අරඹා තිබේ.
වසර 90කට පමණ පසුව ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු සිය අසල්වැසි කියුබාව වෙත සංචාරය කරන ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වනු ඇත.
කියුබාවට පැමිණෙන ඔබාමා කියුබානු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ හමුවී සාකච්ඡා කිරීමටද නියමිතය.
විශේෂයෙන්ම, කියුබානු ආර්ථිකය අස්ථාව කළේ ඇමෙරිකාව නොවන බව පවසමින් ඇමෙරිකානු නායකයා එරට ජනතාව ඇමතීමටද නියමිතව තිබේ.
2016 ආරම්භයත් සමගින්ම සිදුවූ ඇමෙරිකානු - කියුබා රාජතාන්ත්‍රික සබඳතා වඩාත් ශක්තිමත් කරගැනීමද ඔබාමාගේ මෙම කියුබානු සංචාරයේ ප්‍රධාන අරමුණක් වී තිබේ.