කියුබාවට එරෙහි ආර්ථික සහ දේශපාලන සම්බාධක පැනවීමටත්, සිරියාවේ අධිරාජ්‍යවාදී ප්‍රහාර මගින් සිදු කෙරෙන ජන සංහාරයටත් එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය කොල්ලුපිටිය පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට අද (28දා) උද්ඝෝෂණයක නිරත විය.
මෙහිදී උද්ඝෝෂකයෝ ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ අනුරුවකටද ගිනි තැබූහ.
මෙම අවස්ථාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයන්, ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡයමාල් චන්ද්‍රසිරි