තමන් කුලියාපිටිිය විද්‍යාලයට ළමයි 90ක් අැතුළත් කර අැති බවට අධ්‍යාපන අමාත්‍යවරයා කරන ප්‍රකාශය ඔප්පු කර පෙන්වුවහොත් තමන් මහ ඇමතිධුරයෙන් ඉල්ලා අස්වන බව වයඹ මහ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියයි.
ඊයේ (27දා) කටුපොත තිස්සව මධ්‍යමහා විද්‍යාලයේ පැවති මහින්දෝදය ගුරු විවේකාගාර ඉදිකිරීම් සංකල්පයේ ඉදිකල පළමු ගුරු විවේකාගාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගීවෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.
"අත්දැකීම් නැති අය තනතුරුවලට ආවම කරන්නේ මොකක්ද කියලා ඔවුන්ට හරියට තේරෙන්නේ නෑ. අධ්‍යාපන අමාත්‍යධුරයේ හිටියේ මේ වගේ බෝනික්කෝ නෙමෙයි. සී. ඩබ්. ඩබ්. කන්නංගර, ලයනල් ජයතිලක, ඊරියගොල්ල, රිචඩ් පතිරණ, රනිල් වික්‍රමසිංහ, බන්දුල ගුණවර්ධන වගේ අය. දැන් ඉන්න අය කරන්නේ මාධ්‍යයට මොනවහරි කියන එක විතරයි.
ඒ වගේම එතුමා කියලා තියනවා මම කුලියාපිටිය සුභාරති විද්‍යාලයට ළමයි 90 ක් දාලා තියනවා කියලා.මම අභියොග කරනවා මම එහෙම කරා කියලා ඔප්පු කරලා පෙන්නුවොත් මම මහ ඇමතිකමෙන් ඉල්ලා අස්වෙනවා.
දේශපාලඥයන්ට සෑම පාසලකටම ළමයි 5 දෙනෙක් ඇතුලත් කරන්න පුළුවන්. ඒක ආරක්ෂක අමාත්‍යංශයෙන් ක්‍රියාන්විත සේවයේ සිටින අයගේ ළමයි දාන්න එන නියෝගයක් වෙන්නත් පුළුවන්. මම එතුමාට කියන්නේ හරියට 13 වෙනි සංශෝධනය කියවන්න, පළාත් සභා ක්‍රමය ගැන කියවන්න කියලා. දයාසිරි ජයසේකර එක්ක තියන තරහකට අධ්‍යාපනය පලි නෑ. අපි බුද්ධිමත් මිනිස්සු වශයෙන් අධ්‍යාපනය ගැන තීන්දු ගත යුතුයි. මේ අය තමන් අධ්‍යාපනය ලැබූ ප්‍රමාණයට දේශපාලනය කළ යුතුයි. දේශපාලනයේදී අපි ඕනවෙලාවක තනතුරු දාලා යන්න සුදානම් නමුත් ඔය හැමෝම කතාකරන දුෂණ වංචා කරලා නෑ." යැයි හෙතෙම පැවැසීය.
අද වයඹ පළාත මේ විදියට සංවර්ධනය වෙනකොට අළුතෙන් පත්වුණු අධ්‍යාපන ඇමති මේ සංවර්ධන ක්‍රියාවලියන් වෙනස් කරන්න කතාකරනවා. මහින්දෝදය පාසල් වල මහින්දෝදය කියන නම වෙනස් කරනවා කියලා ඔහු කියනවා. එහෙම කරනවානම් ඊට කලින් ඩී.එස්. සේනානායක, කන්නංගර, බණ්ඩාරනායක, කොතලාවල වගේ පාසල් වලට දාලා තියන නම් වෙනස් කරන්න වෙනවා. මහින්දෝදය කියන නම හිටපු ජනාධිපතිතුමාගේ සංකපල්පයක්. ඒ නිසා ඊයේ පෙරේදා ආපු අය දැන් වෛරය පිරිමහන්න පටන් අරගෙන තියෙන්නේ.