පාරිභෝගික පනත උල්ලංඝනය කරමින් සිදුකරන වෙළෙඳ අක්‍රමිකතා පිළිබඳ පාරිභෝගික අධිකාරියට නිවැරදි තොරතුරු ලබාදෙන්නන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාරිභෝගික අධිකාරියට උපදෙස් දී තිබේ.
ඒ අනුව පාරිභෝගික අධිකාරිය මගින් සිදුකරනු ලබන වැටලීමකදී යම්කිසි පුද්ගලයෙකු වරදකරු වූ විට හෝ යම් භාණ්ඩයක් තහනමට ලක්කරන අවස්ථාවකදී එම වරද තහවුරු කිරීමට, එම භාණ්ඩය රාජසන්තක කිරීමට හෝ තහනමට ලක්කිරීමට අවශ්‍ය සත්‍ය තොරතුරු ලබාදෙන්නට මෙම මුදල් ත්‍යාග පිරිනැමේ.
අදාළ ත්‍යාග මුදලට හිමිකම් කීම සඳහා තොරතුරු ලබාදෙන වැටලීමේ වටිනාකම රුපියල් ලක්ෂ 25 කට වැඩිවිය යුතු බවත්, ඒ අනුව එවැනි අක්‍රමිකතා සම්බන්ධයෙන් සභාපති රැඩි මර්ෂුක් - 011 77 55 475 හා නියෝජ්‍ය අධ්යක්ෂ අසේල බණ්ඩාර 077 10 88 922 යන දුරකථන අංකවලට තොරතුරු ලබාදිය හැකිය.