කතරගම ඓතිහාසික වැඩසිටි කන්ද රජමහ විහාරයේ අභිනවයෙන් ඉදි කරනු ලබන වාහල්කඩ සඳහා මුල්ගල තැබීම ඊයේ (03දා) දක්ෂිණ සංවර්ධන හා තරුණ කටයුතු අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
රුපියල් කෝටි 02ක වියදමින් මෙම වාහල්කඩ නිර්මාණය කෙරෙන අතර, වැඩසිටි කන්ද රජමහ විහාරය ක්‍රමවත් ලෙස සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය අනුව මෙය සිදු කෙරේ.
මෙම අවස්ථාවට මොනරාගල දිසා ලේකම් ඩී.එස්. පත්මා කුලසූරිය, දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ සභාපති ශිරන්ත හේරත්, දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී සේනවිරත්න යන මහත්ම මහත්මීහු හා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
වැඩසිටි කන්ද රජමහ විහාරාධිපති, ශාස්ත්‍රපති හීල්ලේ ඤාණානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම වැඩසටහන සිදු කෙරේ.
(කතරගම - සන්දිම දේවප්‍රිය)