2015 වසරේදී රජයට විශාල මුදල් අවශ්‍යතාවක් තිබූ නිසා මසකට කිහිප වරක් භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු කිරීමට සිදු වූ බවත්, ඒ වනවිට මහා භාණ්ඩාගාරයත්, ශ්‍රී ලංකා මහා බැංකුවත් දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණපා සිටි බවත් ශ්‍රී ලංකා මහ බැංකුෙවන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් අධිකාරී බුද්ධික සරත්චන්ද්‍ර මහතා පැවැසීය.
කෙසේ නමුත් මේ වනවිට එදා තිබූ තත්ත්වයට වඩා දැඩි අර්බුදයකට රට මුහුණපා සිටින බවද අධිකාරිවරයා සඳහන් කළේ බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වාගෙන යන ලද බැඳුම්කර වෙන්දේසිවලට අදාළ ලේඛනවල හා වෙනත් ලේඛනවල අසත්‍ය සටහන් තබා තියෙනවා නේදැයි බැඳුම්කර කොමිසමේ කොමසාරිස්වරයෙකු වන ප්‍රසන්න ජයවර්ධන මහතා නැගූප්රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ අධිකාරී බුද්ධික සරත්චන්ද්‍ර මහතා ඒ බව හෙළි කළේය.