ඒකාබද්ධ විපක්ෂය ටොප් 10 යටතේ තමාට විරුද්ධව එල්ල කර ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
ඖෂධ ගෙන්වීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාටවත් අවශ්‍ය පරිදි සිදුකළ නොහැකි බවත්, ඖෂධ ගෙන්වීම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය මත පමණක් සිදුකරන බවද ඒ මහතා සඳහන් කරයි.
මෙරට ඖෂධ ජාවාරම සිදුකෙරුණේ පසුගිය ආණ්ඩු සමය තුළ බවත්, ලීනියර් ඇක්සෙලේටර් නැමැති ශල්‍ය උපකරණය මිලදී ගැනීම වැනි දේ ඊට හොඳම නිදසුන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.