ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යධුරවලින් ඉවත් වූ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පිරිසක් යළි ආණ්ඩුවට එක්වීමට නියමිත බව වාර්තාවේ.
මෙම පිරිස් ආණ්ඩුවට එක්කරගැනීම සඳහා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කිහිපදෙනෙකුම මේදිනවල අවස්ථා කිහිපයකදී සාකච්ඡා කර ඇති බවද දේශපාලන ආරංචිමාර්ග 'අද'ට පැවසීය.
අමාත්‍ය ධුරවලින් ඉවත් වූ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමෙන් කිහිපදෙනෙකු යළි ආණ්ඩුව සමග එක්වීමට කැමැත්ත පළ කර ඇති බවත්, මේසම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද දැනුම්දී ඇති බවත් වාර්තාවේ.
හිස් වූ අමාත්‍යධුර සඳහා පුද්ගලයන් පත්කිරීමට පෙර ඒකාබද්ධ විපකෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක්කර ගැනීමටත්, ඔවුන්ට අමාත්‍ය තනතුරු ලබාදීම පිළිබඳවත් මෙම දෙපාර්ශ්වය අතර සාකච්ඡා වී ඇත.
එමෙන්ම මෙම පිරිස මැයි මස 08 වැනිදාට පෙර ආණ්ඩුවට එක්කරගැනීමටත්, ඉන්පසුව ආණ්ඩුවේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමටත් මේ වනවිටත් සාකච්ඡා වෙමින් පවතින බව වාර්තාවේ.
කෙසේ වුවද ආණ්ඩුවට එක්වන පිරිස කොපමණද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් සාකච්ඡාවක් සිදුව නැතැයිද දේශපාලන ආරංචිමාර්ග 'අද'ට පැවසීය.