ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අනුකාරක සභා හයෙන් ඒකාබද්ධ විපක්ෂය ඉවත් වුවද දිනේෂ් ගුණවර්ධන හා ප්‍රසන්න රණතුංග යන මන්ත්‍රීවරුන් මෙහෙයුම් කමිටුවේ රැඳී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
තමා සභාපතිත්වය දැරූ මුදල් පිළිබඳ අනුකාරක සභාව හැර අනෙකුත් අනුකාරක සභා විසින් පෙඩරල් යෝජනා සහිත ව්‍යවස්ථාවක් සකස් කරමින් සිටින බවත්, ඒකාබද්ධ විපක්ෂයේ අදහස් සැලකිල්ලට නොගත් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඒ අනුව මුදල් පිළිබඳ අනුකාරක සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සිටි කෙහෙළිය රඹුක්වැල්ල, තාරක බාලසූරිය යන මහත්වරුන් ඉවත්වන බවද ඒ මහතා කියා සිටියේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේදී තවදුරටත් බලපෑම් කිරීම සඳහා මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් දෙදෙනා තවදුරටත් රැඳී සිටින බවද හෙතෙම කියා සිටියේය.