ඡායා කැබිනෙට්ටුවේ අගමැති මහින්ද
(UPDATE) 2016/07/07 4.45 PM
ඒකාබද්ධ විපක්ෂය විසින් පිහිටුවා ගනු ලැබූ ඡායා කැබිනෙට්ටුවේ අගමැතිධුරයට මහින්ද රාජජපක්ෂ මහතා පත්කරගෙන තිබේ. ඔහු බුද්ධ ශාසන අමාත්‍යාංශයේ හා ආරක්ෂක අමාත්‍යාශය අධීක්ෂණ කරනු ඇත.
ආණ්ඩුවේ අමාත්‍යාංශ අධීක්ෂණය සඳහා මෙම ඡායා කැබිනෙට්ටුව අද (07දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වී අමාත්‍යධුර පුද්ගලයිනට බෙදා දී ඇත.
ඒකාබද්ධ විපක්ෂය විසින් පිහිටුවාගෙන ඇති ඡායා කැබිනෙට්ටුව අද (07දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.
ඉදිරියේදී පිහිටුවා ගන්නා රජයක් තුළ ඒ ඒ අමාත්‍යවරුන් කටයුතු කරන ආකාරය හා අමාත්‍යවරුන්ට විශය බෙදා දීම මෙහිදී සිදුකළ බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා 'අද'ට පැවැසීය.
ඡායා කැබිනෙට්ටුව මගින් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ වැඩ කටයුතු පිළිබඳවද සොයා බලා ඒවායේ තොරතුරු සෙවීමටත් අමාත්‍යාංශ සමග සමීප සබඳතාව පවත්වාගැනීමට මෙහිදී තීරණය කළ බවත් ඔහු පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




