එළැඹෙන අගෝස්තු මාසය වන විට ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ආයු කාලය අවසන් වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
එසේම ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පුද්ගලයන් විසින් සිදු කළ වංචා දූෂණවලට අගෝස්තු මාසය වන විට දඬුවම් ලැබෙන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය
අද (05දා) පෙරවරුවේ මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ පාතාලය මර්දනය කිරීමට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.